ජාතික පුරාවිද්‍යා සමුළුව ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී …

ජූලි 8th, 2024

‘උරුමය අපේ උරුමය 2024 ‘ ජාතික පුරාවිද්‍යා දිනය නිමිති කරගනිමින් සංවිධානය කරන ලද ජාතික පුරාවිද්‍යා සමුළුව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී අද (08) පැවැත්විණි.

ලිපි 23 කින් සහිත 2024 ජාතික පුරාවිද්‍යා සමුළු ප්‍රකාශනය මාර්ගගත ක්‍රමවේදය හරහා අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් එහිදී එළි දැක්වූ අතර ‘හතළිස් වසරක් පුරාවිද්‍යාව සමඟ; මෙතෙර සහ එතෙර ‘ මැයෙන් සමුළුවෙහි ප්‍රධාන දේශනය ආචාර්ය ගාමිණී විජේසූරිය මහතා සිදු කළේය.

එසේම රත්නපුර දිස්ත්‍රික්කයේ පුරාවිද්‍යා ස්ථාන ඇතුළත් නාමාවලිය සහ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ සේවය නියැලී සිටින පුරාවිද්‍යා නිලධාරීහු රචනා කරන ලද ශාස්ත්‍රීය ග්‍රන්ථ කිහිපියක් අමාත්‍ය විදුර වික්‍රමනායක සහ අමාත්‍යාංශ ලේකම් එච්. එම්. බී.පි. හේරත් යන මහත්වරු සඳහා මෙහිදී ප්‍රදානය කරනු ලැබීය.