ඉස්ලාමීය අලුත් අවුරුදු මුහරම් උත්සවය කිරුළපන ජුම්මා මුස්ලිම් පල්ලියේ දී …

ජූලි 8th, 2024

ඉස්ලාමීය අලුත් අවුරුදු උදාව වෙනුවෙන් මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සංවිධානය කරන ලද මූහරම් උත්සව බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් කිරුළපන ජුම්මා මුස්ලිම් පල්ලියේදී අද (08) පැවැත්විණි.

එහිදී ඉස්ලාමීය අලුත් අවුරුදු මුහරම් උත්සවයේ වැදගත්කම පිළිබඳව ඉහ්සානියා අරාබි විදුහලේ විදුහල්පති මවුලවි එම්. එෆ්. එම්. ෆාරුඩ් මහතා උත්සව සභාව ආමන්ත්‍රණය කළ අතර ඉන් පසු කොම්පඤ්ඤවීදිය අහදියා පාසලේ සිසුන් කණ්ඩායම නබිතුමා සිහිපත් කරමින් කසීඩා ගීත ගායනා කළහ.

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශ ලේකම් එච්. එම්. බී. පී. හේරත්, මුස්ලිම් ආගමික හා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව අධ්‍යක්ෂ එම්. එච්.ඒ. එම්. රිෆ්ලාන්, පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ.එච්.එම්. ෆවුසි, කොළඹ හිටපු නියෝජ්‍ය නගරාධිපති එම්.ටී.එම්. ඉක්බාල්, හජ් කමිටු සාමාජික හනීෆා ඉෂාක්, කිරුළපන ජුම්මා පල්ලියේ උප සභාපති ඉමිතියාස් මුස්තාෆා, ලේකම් සබ්රි ජූනූස්, භාණ්ඩාගාරික සහිරා මර්සූක්, දෙපාර්තමේන්තු වැඩසටහන් සම්බන්ධීකාරක අෂ් ෂෙයික් මුෆ්ති මුර්සි, කොල්ලුපිටිය මස්ජිද් සම්මේලනයේ දෙපාර්තමේන්තු සභාපති රිසාන් හුසේන් යන මහත්වරු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.