
ජේතවන ස්ථූපයට ජල ප්‍රතිරෝධක සවි කරයි …
ජූලි 13th, 2024අනුරාධපුර ජේතවනාරාමය ස්ථුපයේ ඇතිවූ පැල්ම සහිත ප්‍රදේශ හේතුවෙන් ඝර්භය තුලට ජලය කාන්දු වීම වැලැක්වීම සඳහා ජල ප්‍රතිරෝධක යෙදීමේ කටයුතු ආරම්භ කෙරිණි.
පුරාවිද්‍යා දෙසතිය වැඩසටහන මූලික කර ගනිමින් අනුරාධපුර ජේතවනාරාමය ස්ථුපය ආරක්ෂා කිරීම සඳහා ජල ප්‍රතිරෝධක යෙදීමේ කටයුතු බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) ආරම්භ කෙරිණි.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය අතිරේක ලේකම් කේ. ඒ. ඩී. ආර්. නිශාන්ති ජයසිංහ, මධ්‍යම සංස්කෘතික අරමුදල අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තුසිත මැන්දිස් යන මහත්ම මහත්මීහු, පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීහු, මධ්‍යම සංස්කෘතික අරමුදල නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.