
ශ්‍රි මහා බෝධියේ පිටත ප්‍රාකාරයේ සංරක්ෂණ කටයුතු ආරම්භ කරයි …
ජූලි 13th, 2024පුරාවිද්‍යා දෙසතිය වැඩසටහන මූලික කර ගනිමින් අනුරාධපුර මහා විහාර පරිශ්‍රයේ පුරාවිද්‍යා ව්‍යාපෘති කිහිපයක් බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (13) ආරම්භ කෙරිණි.
ඒ අනුව අගල් ක්‍රමවේදය යටතේ කැණීම් සිදු කර ශ්‍රි මහා බෝධියේ දකුණු පිටත ප්‍රාකාරයට පිටතින් බටහිර නැගෙනහිර දිශානුගතව විහිදියන ප්‍රාකාරයේ සාධක අනාවරණය කරගත් අතර එහි සංරක්ෂණ කටයුතු අද ආරම්භ සිදු කෙරිණි.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය අතිරේක ලේකම් කේ. ඒ. ඩී. ආර්. නිශාන්ති ජයසිංහ, මධ්‍යම සංස්කෘතික අරමුදල අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් තුසිත මැන්දිස්,යන මහත්ම මහත්මීහු, පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීහු, මධ්‍යම සංස්කෘතික අරමුදල නිලධාරීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.