
රාජ්‍ය චිත්‍ර හා මූර්ති උළෙල 2024
දෙසැම්බර් 10th, 2024ශාස්ත්‍රීය පදනමක් මත ගොඩනැගුණු චිත්‍ර හා මූර්ති කලාවේහී නිරත ශ්‍රී ලාංකීය නූතන චිත්‍ර හා මූර්ති කලාකරුවන්ගේ නිර්මාණ ඇගයෙන රාජ්‍ය චිත්‍ර හා මූර්ති උළෙල 2024 පසුගියදා(06) අරලියගහ මන්දිරයේදී උත්කර්ෂවත් අන්දමින් පැවැත්විණි.
බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය හා රාජ්‍ය දෘෂ්‍ය කලා උපදේශන සභාව එක්ව රාජ්‍ය චිත්‍ර හා මූර්ති උළෙල සංවිධානය කරනු ලැබීය.
2024 රාජ්‍ය චිත්‍ර හා මූර්ති උළෙල සඳහා අවසන් වටය නියෝජනය කරනු ලැබූ සියලු නිර්මාණ හා ප්‍රවීණ චිත්‍ර හා මූර්ති ශිල්පීන්ගේ නිර්මාණ ඇතුළත්ප්‍රදර්ශනය නොවැම්බර් 22 සිට 25 දින දක්වා කොළඹ 07 සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ දෘෂ්‍ය කලා පීඨයේදීයේදී ප්‍රදර්ශනය කරනු ලැබීය.
ශ්‍රී ලාංකීය චිත්‍ර හා මූර්ති කලාව වෙනුවෙන් සිය ජීවිත කාලය කැප කර සුවිශේෂ දායකත්වයක් ලබා දෙමින් ශ්‍රී ලාංකීය අභිමානය සනිටුහන් කළ ප්‍රවීණ චිත්‍ර ශිල්පියකු උදෙසා ජීවිතයේ එක් වරක් පමණක් පිරුනමනු ලබන දෘශ්‍ය කලාභිමානී යාවජීව සම්මානයෙන් චිත්‍ර ශිල්පී එස්. එච්. සරත් මහතා මෙහිදී පිදුම් ලැබූ අතර චිත්‍ර හා මූර්ති කලා ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කැපවෙමින් කලා ක්ෂේත්‍රයට අප්‍රමාණ මෙහෙයක් ඉටුකළ වසරේ විශිෂ්ඨතම නිර්මාණ ශිල්පීන් දස දෙනෙකු ඇගයීමද මෙහිදී සිදු කෙරිණි.
මෙහිදී අදහස් දැක්වූ බුද්ධ ශාසන අමාත්‍ය හිනිදුම සුනිල් සෙනවි මහතා මෙසේද කීය.
මානව ශිෂ්ටාචාරයේ සමාරම්භය දක්වා දිවෙන මානවයාගේ නිර්මාණකරණයට දීර්ඝ ඉතිහාසයක් තිබෙනවා.මිනිසාගේ හැඟීම් ආවේග සහ පරිකල්පනය මුල්කොටගෙන සිදුවන නිර්මාණ අතර චිත්‍රය මූර්තිය හා කැටයම සුවිශේෂත්වයක් ගන්නවා. බිම් මට්ටමේ සිට නිර්මාණකරුවන් හඳුනා ගනිමින් සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සිදුකරන මෙම ඇගයීම නිර්මාණකරුවන් ජාතික තලයට කැඳවා ගැනීමක් ලෙස සලකන්න පුළුවන්.
එදා කලාකරුවා ස්වකීය හැඟීම් ආවේග ආදියෙන් ඔද වැඩුණු ස්වකීය නිර්මාණ ශක්‍යතා ප්‍රකට කළ ආකාරය මෙන්ම එය අදටත් දිවෙන සුවිශේෂී කලාවක්. සිත් පික් නැති වස්තුවකට ජීවය දෙන නිර්මාණකරුවා විශ්ව කර්මයකු ලෙස සැලකුවේ ඒකයි.
එබඳු විස්කමින් යුත් නිර්මාණකරුවන් ඇගයීම ජාතික අවශ්‍යතාවයක්.එය ඔවුන් වෙත පිරිනැමෙන උපහාරයක් සේම අනාගතයේ නිර්මාණකරුවන් නිර්මාණ කාර්යයකට යොමු කිරීම කලාවේ උන්නතිය සඳහා අවශ්‍යයෙන්ම ඉටු විය යුත්තක්. එබඳු විස්කම් සහිත දූ පුතුන් ඇගයෙන රාජ්‍ය චිත්‍ර මූර්ති උළෙල අභිප්‍රේරණයක් සේම ජාතියක් වශයෙන් අනාගත ආයෝජනයක්.
බුද්ධශාසන, අමාත්‍යාංශයේ ලේකම් ඒ. එම්. පී. බී. අතපත්තු,සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ යසින්තා ගුණවර්ධන, ශ්‍රී ලංකා කලා මණ්ඩලයේ සභාපති මහාචාර්ය ප්‍රණීත අබේසුන්දර,රාජ්‍ය දෟෂ්‍ය කලා උපදේශන සභාවේ සභාපති ජේෂ්ඨ කථිකාචාර්ය සරත් ගුණසිරි පෙරේරා,ඇතුළු කලා කරුවන් රැසක් මෙම අවස්ථාවට එක් වූහ.
රාජ්‍ය චිත්‍ර හා මූර්ති උළෙල දෙදහස් 2024 ප්‍රතිඵල ලේඛනය.
01. චිත්‍ර අංශය – නිර්මාණාත්මක සම්පිණ්ඩන ප්‍රථම ස්ථානය ජී.සී. ජයනී දිල්රුක්ෂි
02. චිත්‍ර අංශය – සම්ප්‍රදායික චිත්‍ර පිටපත් කිරීම ප්‍රථම ස්ථානය ඕ. එල්. සම්පත් ප්‍රනාන්දු
03. චිත්‍ර භූමි – දර්ශන ප්‍රථම ස්ථානය අයි. සේනකනක හේවගේ
04. මූර්ති අංශය – ආලේපය ප්‍රථම ස්ථානය සාගර මදුශංක
05. මූර්ති අංශය – නිර්මාණාත්මක සම්පිණ්ඩන ප්‍රථම ස්ථානය චන්දන ගුණතිලක
06. මූර්ති අංශය – සම්ප්‍රදායික මූර්ති ප්‍රථම ස්ථානය උදය කුමාර
07. රේඛා චිත්‍ර – ප්‍රථම ස්ථානය සේනක හේවගේ
08. මුද්‍රණ චිත්‍ර – ආලේක්‍ය ප්‍රථම ස්ථානය පද්මසිරි කොඩිතුවක්කු
09. මුද්‍රණ චිත්‍ර – නිර්මාණාත්මක සම්පිණ්ඩන ප්‍රථම ස්ථානය දිළුෂිකා බණ්ඩාර
10. මුද්‍රණ චිත්‍ර – නිර්මාණාත්මක සම්පිණඩන දෙවන ස්ථානය හසිත කැලුම්
11. රේඛා චිත්‍ර – දෙවන ස්ථානය අසංක සෝමජීව
12. මූර්ති අංශය- නිර්මාණාත්මක සම්පිණ්ඩන දෙවන ස්ථානය දිනුම් සංජීව විජයතුංග
13. මූර්ති අංශය – ආලේඛ්‍ය දෙවන ස්ථානය දේවකාන්ති ඒකනායක
14. චිත්‍ර අංශය – සම්ප්‍රදායික චිත්‍ර පිටපත් කිරීම දෙවන ස්ථානය උපුල් රණතුංග
15. චිත්‍ර අංශය – නිර්මාණාත්මක සම්පින්ඩන දෙවන ස්ථානය අරෝෂ විදුරංගනී
16. චිත්‍ර අංශය – භූමි දර්ශන දෙවන ස්ථානය ශානක කුලතුංග
17. චිත්‍ර අංශය – ආලේඛ්‍ය දෙවන ස්ථානය සේනක හේවගේ
18. මුද්‍රණ චිත්‍ර – නිර්මාණාත්මක සම්පිණ්ඩන තුන්වන ස්ථානය අයේෂා ලක්මාලි හේවගේ
19. රේඛා චිත්‍ර – තුන්වන ස්ථානය සම්පත් ප්‍රනාන්දු
20. මූර්ති අංශය – නිර්මාණාත්මක සම්පිණ්ඩන තුන්වන ස්ථානය අනුර ශාන්ත කුලතුංග
21. චිත්‍ර අංශය – සම්ප්‍රදායික චිත්‍ර පිටපත් කිරීම තුන්වන ස්ථානය නිශාන් මාලක
22. චිත්‍ර අංශය – නිර්මාණාත්මක සම්පින්ඩන තුන්වන ස්ථානය හසිත කැළුම්
23. චිත්‍ර අංශය – භූමි දර්ශන තුන්වන ස්ථානය අම්ජන් අහමඩ්
24. චිත්‍ර අංශය – ආලේඛ්‍ය නාමල් පුෂ්ප කුමාර
25. රේඛා චිත්‍ර – කුසලතා සහතිකය එන්. එස්. කරුණාසේන
26. මුද්‍රණ චිත්‍ර – ආලේඛ්‍ය කුසලතා සහතිකය වෙනුර කසුන්
27. මුද්‍රණ චිත්‍ර නිර්මාණාත්මක සම්පිණ්ඩන කුසලතා සහතිකය බණ්ඩාර වේරගම,චානිකා නිශංකංක
මීට අමතරව චිත්‍ර අංශයේ ආලෙඛ්‍ය කුසලතා සම්මාන 5ක්, චිත්‍ර අංශය භූමි දර්ශන කුසලතා සම්මාන හතරක් චිත්‍ර අංශය නිර්මාණාත්මක සම්පිණ්ඩන කුසලතා සම්මාන 12ක් පිරිනමනු ලැබීය.