සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ දිස්ත්‍රික් රැස්වීම මාතලේදී…..

ජනවාරි 3rd, 2025

මාතලේ දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ දිස්ත්‍රික් රැස්වීම අද දින (03) මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.
දිස්ත්‍රික් ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු සභාපති පූජ්‍ය කොස්ගොල්ලේ සීලරතන ස්වාමීන් වහන්සේගේ සහ එම මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී පූජ්‍ය මුගුණූවෙල අනුරුද්ධ ස්වාමීන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.
ඒ සඳහා බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා සහ පාර්ලිමේන්තු මන්ත්‍රිනිය දීප්ති වාසලගේ මහත්මිය ඇතුළු නිලධාරීන් සහභාගී විය.