සිරි වළගම්බා විහාරයේ රන්වැට සහිත ශෛලමය බෝධි ප්‍රාකාරය විවෘත කිරීම

අප්‍රේල් 25th, 2025

රංගිරි දඹුලු රජමහා විහාරයේ ඓතිහාසික මැද පන්සල සිරි වළගම්බා විහාරයේ රන්වැට සහිත ශෛලමය බෝධි ප්‍රාකාරය විවෘත කිරීම අද (25) පස්වරුවේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මැතිතුමාගේ සහභාගීත්වයෙන් විවෘත විය. එම අවස්ථාවට මල්වතු අස්ගිරි උභය විහාරවාසී මහා සංරඝරත්නයද, රංගිරි දඹුලු රජමහා විහාරාධිපති ආචාර්ය ගොඩගම මංගල නායක හිමිපාණන් වහන්සේ සහ රංගිරි දඹුලු රජමහා විහාරයේ ශ්‍රී විෂ්ණු මහා දේවාලයේ භාරකාර ශාස්ත්‍රපති පූජ්‍ය දඩුබැදිරුප්පේ මහින්ද හිමිපාණන් ප්‍රධාන මහා සංඝ රත්නයද, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී බුද්ධශාසන ආගමික හා සංස්කෘතියක කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානනායක මැතිතුමා, මාතලේ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීනි දීප්ති වාසලගේගේ මහත්මිය හා ප්‍රදේශවාසී ගිහි පැවිදි විශාල පිරිසක්ද එක්ව සිටියහ.