බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථින් උදෙසා මත්ද්‍රව්‍ය නිවාරණ හා උපදේශන වැඩසටහනක්…

පෙබරවාරි 7th, 2024

ආගමික නායකත්වය මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන සඳහා දායක කරගැනීමේ අරමුණින් ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකය මගින් පවත්වන වැඩසටහන් මාලාවේ තවත් එක් අදියරක් පසුගිය දා හෝමාගම, පිටිපන බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ විද්‍යාර්ථින් උදෙසා පැවැත්විණි.

  • මතින් දුමින් හා මත්ද්‍රව්‍ය භාවිතයෙන් නිදහස් සුරක්‍ෂිත පරපුරක් වෙනුවෙන් ප්‍රජාව සවිබල ගැන්වීම ආගමික නායකත්වයේ පෙරමුණ ගැනීමෙන් ක්‍රියාත්මක කිරීම මෙම පුහුණු වැඩසටහන්හි අරමුණ බවට පත්වේ. මෙම වැඩසටහන සඳහා ශිෂ්‍ය භික්ෂූන්වහන්සේලා ඇතුළුව 200 කට අධික සංඛ්‍යාවක් සහභාගී විය.
  • මෙහි ප්‍රධාන දේශනය ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ මෙහෙයුම් ඒකකයේ සම්බන්ධීකරණ නිලධාරී ජ්‍යෙෂ්ඨ මනෝවිද්‍යා උපදේශක එන්.ආර්. අමරසිංහ මහතා විසින් සිදුකරන ලද අතර, පුද්ගල ජීවිතයේ සෞඛ්‍ය සම්පන්න බව ආරක්‍ෂා කර ගැනීමේ වැදගත්කම, ඒ පිළිබඳව බුදුන්වහන්සේගේ අර්ථකථනය, ස්වස්ථතාවය කෙරෙහි මත්ද්‍රව්‍ය මද්‍යසාර හා සිගරට් භාවිතයේ බලපෑම, භාවිතයෙන් නිදහස් පුද්ගලයෙකු නිර්මාණය කිරීමේ ක්‍රමවේද මෙන්ම මතින් දුමින් නිදහස් පුද්ගලයෙකුගේ සමාජමය වටිනාකම පිළිබඳව මෙහිදී අවධාරණය කෙරිණි.