ඉන්දු – ශ්‍රී ලංකා සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් වර්ණවත් වූ ගීතා මහෝත්සවය…

මාර්තු 2nd, 2024

ජාත්‍යන්තර භගවත් ගීතා මහෝත්සවයේ දෙවන දිනය ඉන්දීය සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගීත්වයෙන් නෙළුම් පොකුණ රඟහල පරිශ්‍රයේ දී අද (02) විචිත්‍රවත්ව පැවැත්විණි.

හින්දු භක්තිකයන්ගේ ශුද්ධ වූ ග්‍රන්ථය ලෙස සැළකෙන ශ්‍රීමත් භගවත් ගීතාව සම්බන්ධ ආගමික සිදුවීම් මාලාව හා ශ්‍රීමත් භගවත් ගීතාව වෙනුවෙන් වන්දනීය උපහාරයක් පිදීම සඳහා ඉන්දියාවේ හර්යානා ප්‍රාන්තයේ කුරුක්ෂේත්‍ර සංවර්ධන මණ්ඩලය විසින් වාර්ෂිකව භගවත් ගීතා මහෝත්සවය පවත්වන අතර බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය මඟින් මෙවර මෙය ශ්‍රී ලංකාවේදී උත්කර්ෂවත්ව සිදු කෙරිණි.

ගීතා මනිෂ් ස්වාමි ගයානනද් ජී, ස්වාමි ගුරු ෂරානනද් ජී මහාරාජ්, ශ්‍රී ලංකාවේ ඉන්දිය මහකොමසාරිස් සන්තෝෂ් ජා, කුරුක්ෂේත්‍ර සංවර්ධන මණ්ඩලයේ ප්‍රධාන විධායක නිලධාරී ආචාර්ය විෂාලී ෂාර්මා, කුරුක්ෂේත්‍ර සංවර්ධන මණ්ඩලයේ ලේකම් විකාස් ගුප්තා, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක, මහාචාර්ය අසංග තිලකරත්න, අමාත්‍යාංශ ලේකම් සෝමරත්න විදානපතිරණ යන මහත්වරු සහ අතිරේක ලේකම්වරු, දෙපාර්තමේන්තු අධ්‍යක්ෂවරු, අමාත්‍යාංශට අනුබද්ධිත ආයතනයහි නිලධාරිහු ඇතුළු ඉන්දු – ශ්‍රී ලංකා සම්භාවනී අමුත්තන් පිරිසක් මෙම අවස්ථාවට එක්වුහ.