
පුරාවිද්‍යාවේ උන්නතිය වෙනුවෙන් තීන්දු තීරණ රැසක් …
මාර්තු 20th, 2024පුරාවස්තුවලට හානි නොවන පරිදි අටමස්ථානයේ සවිකර ඇති ඵලක ඉවත් කිරීම සම්බන්ධව නිර්ණායක සකස් කිරීම සඳහා කමිටුවක් හා පුරාවිද්‍යා ගවේෂණ කටයුතු සඳහා බාහිර ආයතන හා පුද්ගලයන් වෙත අවසර ලබාදීම පිළිබඳව නිර්ණායක සකස් කිරීමට කමිටුවක් පුරාවිද්‍යා උපදේශක සභා සාකච්ඡාවේ දී අද (20) පත් කෙරිණි.
බුද්ධශාසන, ආගමික හා සංස්කෘතිය කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික උරුම අංශ ශ්‍රවණාගාරයේ පැවති සාකච්ඡාවේ දී මෙම තීරණ ගනු ලැබිණි.
එසේම බාහිර ප්‍රතිපාදන යටතේ සිදුකරනු ලබන ස්මාරක පාදා ගැනීමේ කැණීම් මස 6 කට නතර කිරීම, රුවන්වැලි සෑය විහාරයේ ධර්ම ශාලාව සහිත බහු කාර්ය ගොඩනැඟිල්ල ඉදිකිරීම ආදී කරුණු රැසක් පිළිබඳව කමිටුව විසින් මෙහිදී තීන්දු තීරණ ගනු ලැබීය.
මහා සංඝරත්නය, ජාතික උරුම අංශයේ අතිරේක ලේකම් කේ.ඒ.ඩී.ආර්. නිශාන්ති ජයසිංහ, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ඩී. තුසිත මැන්දිස්, මධ්‍යම සංස්කෘතික අරමුදල අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ යන මහත්ම මහත්මිහු මහාචාර්යවරු, ආචාර්යවරු, කැලණිය, ශ්‍රී ජයවර්ධනපුර, යාපනය හා පේරාදෙණිය යන විශ්වවිද්‍යාලවල ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයන අංශ ප්‍රධානීන්, පුරාවිද්‍යා දෙපාර්තමේන්තු නිලධාරීන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්වූහ.