අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වශයෙන් ඩබ්.පී. සේනාධීර මහතා වැඩ භාරගැනීම

මාර්තු 9th, 2025

බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ නව ලේකම්වරයා වශයෙන් ඩබ්.පී. සේනාධීර මහතා අද දින (06) බුද්ධශාසන අමාත්‍යාංශයේ දී සුභ මොහොතින් වැඩ භාරගත්හ.
මෙම අවස්ථාවට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා ඇතුළු මහා සංඝරත්නය, සර්ව ආගමික නායකයින්, අමාත්‍යාංශ ලේකම්වරුන් හා නිලධාරී මහත්ම මහත්මීන් රැසක් සහභාගී විය.