
බත්තරමුල්ල, බටපොත, ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරය පූජා භූමියක් ලෙස ප්‍රකාෂයට පත් කිරීම
පෙබරවාරි 3rd, 2025බත්තරමුල්ල, බටපොත, ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරය පූජා භූමියක් ලෙස ප්‍රකාෂයට පත් කිරීමේ ශ්‍රී සන්නස් පත්‍රය පිළිගැන්වීමේ මහෝත්සවය පසුගිය දා( 02) ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරයේ දී පැවැත්විණි. එම උත්සවයේ ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වූ බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා විසින් ශ්‍රී සුදර්ශනාරාම පුරාණ විහාරය පූජා භූමියක් ලෙස ප්‍රකාෂයට පත් කිරීමේ සන්නස්පත්‍රය එම විහාරයේ විහාරාධිපති පූජ්‍ය අත්තනයාලේ චන්ද්‍රරතන ස්වාමීන් වහන්සේ වෙත පිළිගන්වනු ලැබීය.
ඒ සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී අසිත නිරෝෂණ මහතා, බුද්ධශාසන ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ ලේකම් ඒ.එම්.පී.එම්.බී. අතපත්තු, අතිරේක ලේකම් (සංවර්ධන) සමන්ති ඩි. නාගහතැන්න ඇතුලු නිලධාරී මහත්ම මහත්මීන් සහ ප්‍රදේශවාසීන් විශාල පිරිසක් සහභාගී විය.