මහා ශිවරාත්‍රී දින සැමරුම් උත්සවය නුවරඑළිය ශ්‍රී ලංකාධීෂ්වර දේවස්ථානයේ දී

පෙබරවාරි 27th, 2025

මහා ශිවරාත්‍රී දින සැමරුම් උත්සවය නුවරඑළිය ශ්‍රී ලංකාධීෂ්වර දේවස්ථානයේ දී 26 වැනි දින පැවැත්විණි. මෙම මහා ශිවරාත්‍රී අධ්‍යාත්මික උත්සවය බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශයේ හින්දු දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන් සහ නුවරඑළිය දිස්ත්‍රික් මහලේකම් කාර්යාලය, නුවරඑළිය මහනගර සභාව, ශ්‍රී ශක්ති අධ්‍යාත්මික හින්දු පදනම සහ ශ්‍රී ලංකාධීෂ්වර දේවස්ථානයේ (ගයත්‍රී පීඨම්) අනුශාසකත්වයෙන් සිදුවිණි.
එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් බුද්ධශාසන හා සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතා සහභාගී වූ අතර, රාජ්‍ය නිලධාරී මහත්ම මහත්මීන් ඇතුළු හින්දු බැතිමතුන් විශාල පිරිසක් ද සහභාගී විය.