ක්ලීන් ශ්‍රී ලංකා වැඩ සටහන මාතලේදී
ජනවාරි 29th, 2025රජයේ ක්ලීන් ශ්‍රී ලංකා වැඩ සටහනට සමගාමීව මාතලේ දිස්ත්‍රික් ක්ලීන් ශ්‍රී ලංකා වැඩසටහනේ ආරම්භක උත්සවය බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29) මාතලේ නගර ශාලාව අසලින් ආරම්භ කෙරුණි.
එම වැඩසටහන 29. 30. 31. 01. 02, 03 යන දිනයන්හි මාතලේ නගරය ආශ්රිත උපනගර සහ ග්‍රාමනිලධාරී වසම් ආවරණය වන ලෙස ක්ලීන් ශ්‍රී ලංකා සති වැඩ සටහනක් ලෙස ක්‍රියාත්මක කරනු ලබයි. ඒ අනුව අද දින මාතලේ නගරය හා ඒ අවට බ්‍රාහ්මණ ඇළ දෙපස පවිත්‍ර කිරීම සිදුවිය.
මාතලේ දිස්ත්‍රික්කයේ පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් බියන්විල මහතා, මාතලේ දිස්ත්‍රික් ලේකම් තේජානි තිරකරත්න මහත්මිය ඇතුළු දේශපාලන නායකත්වය, මාතලේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මාතලේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, මාතලේ මහ නගර සභාව, මාතලේ පොලීසිය, යුද හමුදාව, ඇතුලු සියලුම රාජ්‍ය ආයතන, පාසල් සහ සිවිල් සංවිධාන ද මෙම වැඩසටහන සඳහා එක්වූහ