දෙමළ නාට්‍ය කලාව ප්‍රචලිත කරන්න වැඩමුළුවක් මඩකළපුවෙන් …

ජූලි 25th, 2024

සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා කලා මණ්ඩලය, රාජ්‍ය නාට්‍ය උපදේශක සභාව එක්ව පවත්වන ලද දෙමළ නාට්‍ය වැඩමුළුව මඩකළපුව දිස්ත්‍රික්කයේ ආරම්භ කෙරිණි.

දෙමළ නාට්‍යකරුවන්ගේ ඉල්ලීම පරිදි මෙම නාට්‍ය වැඩමුළුව පැවැත්වූ අතර ඒ සඳහා උතුරු නැගෙනහිර පළාත්වල දෙමළ නාට්‍යවේදීන් 30 දෙනෙකු සහභාගී වී ඇත.

දෙමළ නාට්‍ය කලාව ප්‍රශස්ත මට්ටමකට රැගෙන ඒම, ඔවුන් දිරිමත් කිරීම, ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවට පිවිසෙන දෙමළ නාට්‍යවේදීන්ගේ දායකත්වය තුළින් නිර්මාණශීලී, විශිෂ්ට දෙමළ නාට්‍ය කලාවක් බිහිකිරීම අරමුණු කරගනිමින් මෙම වැඩමුළුව පවත්වා තිබෙන අතර ඒ සඳහා ශ්‍රී ලාංකේය නාට්‍ය කලාවේ ජ්‍යෙෂ්ඨ නාට්‍යවේදීන් රැසක් සම්පත් දායකත්වය ලබා දී තිබේ.

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය චන්ද්‍රසිරි බෝගමුව, සෙනෙවිරත්න රොද්‍රිගෝ, සචිත්‍ර රාහුබද්ද,ප්‍රසන්නජිත් අමරසූරිය යන මහත්වරු, රාජ්‍ය නාට්‍ය උපදේශක සභාවේ සාමාජිකවරු ඇතුළු පිරිසක් මෙම අවස්ථවට එක්ව සිටියහ.