මිය යමින් සිටින සංස්කෘතික මිනිසාට හුස්ම පොඳක් !
අගෝස්තු 22nd, 2023මානවවාදී සමාජ චින්තනයකින් හෙබි විචාරශීලී පුළුල් සමාජ දැක්මක් සහිත සමාජ වටපිටාවක් ගොඩ නැංවීම උදෙසා සාහිත්‍ය, කලාව හා සංස්කෘතිය පිළිබඳව විචාරශීලී දේශන මලාවක් (සංස්කෘතික කතිකාවතක්) පැවැත්වීමට බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය කටයුතු සුදානම් කර තිබේ.
එහි පළමුවැන්න “සංස්කෘතිය හා පොදු මානව අගයන් අතර සංවාදය“ යන තේමාව යටතේ දේශනයක් මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහතා විසින් ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී අද (11) පවත්වන ලදී.
සෑම සංස්කෘතියකම පවතින සුවිශේෂී බව වටහා ගැනීමත්, සංස්කෘතිය නිෂ්පාදනය වීමේදී සමාජයේ පවතින බල ව්‍යූහයන්ගේ හැසිරීම වටහා ගැනීමත්, ලොව පවතින සියලුම සංස්කෘතින් එම සංස්කෘතිය තුළ ජීවත් වන්නන් හට සුවිශේෂී හා විශිෂ්ට වන බැවින් සංස්කෘතින් සාපේක්ෂව වටහා ගැනීම ගැටලු සහගත බවත්, මහාචාර්ය අර්ජුන පරාක්‍රම මහතා තම දේශනයේ දී එහිදී අවධාරණය කළේය.
“වර්තමාන සමාජය තුළින් ගිලිහි යමින් පවතින මානව දයාව,මනුෂ්‍යත්වය නැවත ආරෝපණය කිරීමට හා මියැදෙමින් තිබෙන සංස්කෘතික මිනිසා යළි ජීවත් කිරීමට මෙවැනි දේශනයන් සමාජයට සුබවාදී උත්තේජනයක් “ බවද මෙම දේශනයට එක්වූ බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක මහතා සඳහන් කරයි.
සංස්කෘතික කතිකාවේ ඉදිරි දේශනයන් සෑම මසකම දෙවන සහ හතරවන සතියේ බ්‍රහස්පතින්දා දිනයන්හිදී ජාතික ලේඛණාරක්ෂක දෙපාර්තමේන්තු ශ්‍රවණාගාරයේදී පස්වරු 2.30 සිට 4.30 දක්වා පැවැත් වේ.